මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත
පසුගියදා ආරම්භ වූ දළදා වන්දනාව සඳහා ශ්රී ලංකාවේ සිව් කොනින් අති විශාල ජනකායක් සහභාගි වුණ. මෙම ජනකාය දවසින් දවස වැඩිවීමත් සමග අද වන විට දළදා වන්දනාව කිරීමට දවසකට හැකියාව ලැබෙන්නේ අසූදාහක් අනූදාහක් අතර ප්රමාණයකට බව සඳහන් වෙනවා.
නමුත් දළදා වන්දනා කිරීමේ බලාපොරොත්තුවෙන් මේ වන විටත් ලක්ෂ තුන හතරකට අධික පිරිසක් ඒ අවට රැස්වී ඇති බවට වාර්තා වෙනවා. කෙසේ නමුත් අධික ජනගහනය හේතුවෙන් අද වන විට මුළු නුවරම අපිරිසිදු ගඳ ගහන කුණු ගොඩක් බවට පත්වෙලා.
සඳහන් වන ආකාරයට බොහෝ දෙනා මාර්ග දෙපස මළ මුත්ර කරන්න පවා පටන් අරන්.නගර සභාවේ කුණු එකතු කරන්න එන මිනිස්සු කියපු විදිහට වන්දනාවෙ ආපු සමහරක් දෙනා සිලිකවරවලට මලපහ කරලා හැම තැනම විසික් කරලලු.
ඒ වගේම විසිදාහ තිස් දාහ දීලා දීලා කම්පැනි වලින් ගහපු ඇඩ්වටයිස් බෝඩ් හදාගෙන ඇවිත් ඒවා බිමට දාලත් පිරිසක් නිදාගන්නවලු. ඉතින් මුළු නුවරම අද වෙද්දී අපිරිසිදු වෙලා. මළ මුත්ර ගඳට නුවර අවට ජීවත්වන බහුතරයක් දෙනා දොර ජනෙල්වත් විවර කරන්නැති තත්වෙකට පත්වෙලා.
ඒ වගේ මතක් කරන්න ඕනේ වන්දනාව යන සැදැහැවතුන් බොහෝ පිරිසකට උදව් උපකාර කරන්නත් නුවර ජනතාව අමතක කරන්නේ නැහැ.
ඒ අතර වාර්තා වන තවත් සිදුවීමක් තමයි පෙරදිග ඇදහැලුණු අධික වර්ෂාව නිසා මිනිස්සු හිටපු තැන්වලම ඉටි කවර එලාගෙන වැස්සට තෙමි තෙමේ හිටියා.හැබැයි ඒත් එක්කම එතනින් ධාවනය වුණු බස් එකක හිටපු මිනිස්සු තමන්ගේ අතේ තිබුණු කුඩ ටික මේ මිනිස්සුන්ට නොතෙමී ඉන්න විසික් කරා. ඉතින් අන්න ඒක තමයි නුවර මිනිස්සුන්ගේ සැබෑ මනුස්සකම.
ඉතින් ඒ මනුස්සකමට මනුස්සකම දෙන්නත් වන්දනාවෙ එන සියලුම දෙනා අමතක නොකළ යුතු කරුණක්. නුවර එන්න එන්නම අපිරිසිදු වන නිසා තමයිි මුළු නුවරම හේදිලා යන්න ඊයේ වහින්න ඇත්තේ.
ඉතින් පෝලිමේ ගිහින් දළදා වදින්න පොරකන්නැතුව තමන්ගේ වාරේ එනකන් සැදැහැ සිතින් ගතත් සිතත් පිරිසිදු කර මේ උතුම් වන්දනාවට එකතු වීම ඔබේත් මගෙත් යුතුකම යුතුකම වේ.









