බීමත් රියදුරන්ගෙන් සැරයන්ට ජංගම දුරකතන ප්‍රහාරයක්..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka
By Piyumika Jun 19, 2024 05:23 AM GMT
Piyumika

Piyumika

Report

බීමතින් ත්‍රී රෝද රථයක් පැදවීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ස්වසන නල පරීක්ෂාව සිදුකරමින් සිටියදී සැකකරු ජංගම දුරකතනයෙන් පොලිස් සැරයන්වරයගේ හිසට පහරදීමෙන් තුවාල ලැබූ සැරයන්වරයා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති පුවතක් වාර්තා වේ.

උණුසුම සහ තෙරපීම් හේතුවෙන් වන්දනාකරුවන් 550ක් මියගිහින්..

උණුසුම සහ තෙරපීම් හේතුවෙන් වන්දනාකරුවන් 550ක් මියගිහින්..

මැදවච්චි පොලිසියේ කණ්ඩායම ක් ඊයේ (18) රාත්‍රියේ රථ වාහන රාජකාරියේ නිරත වෙමින් සිටියදී මැදවච්චිය රෝහල ඉදිරිපිටදී ත්‍රී රෝද රථයක් නවතා පරීක්ෂාවට ලක් කර ඇති බව පොලිසිය පැවසීය.

ත්‍රී රෝද රථය පැදවූ රියදුරු බීමතින් සිටි බවට අනාවරණය වීමෙන් පසු ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන මැදවච්චිය පොලිස් ස්ථානයෙ රථ වාහන අංශය වෙත රැගෙන විත් ස්වසන පරීක්ෂා කිරීමට යාමේදී ඔහු එයට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇත.

කව්ද? මේ රට පුරා ඉන්න ලියාපදිංචිය නොලද වෛද්‍යවරුන්..

කව්ද? මේ රට පුරා ඉන්න ලියාපදිංචිය නොලද වෛද්‍යවරුන්..

එහිදී ස්වසන නල පරීක්ෂාවට විරෝධය දැක්වා ඇති සැකකරු ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් ස්වසන පරීක්ෂණය සිදු කරන පොලිස් ඇරයුම්වරයාගේ හිසට පහර දී ඇති බව පොලිසිය පැවසීය.