ජනපතිගේ හා මාලිමාවේ පින්තුර ගහන් කරගෙන ගිය අමුතු වැඩේ

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් සහ ජාතික ජන බලවේගයේ ලාංඡනය සහිත මෝටර් රථයකින් මස් පිණිස එළුවන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කරන්නේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැලිපැන්න සහ බදුරලිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

මතුගම පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස ගමන් කරමින් තිබූ මෙම මෝටර් රථය නතර කර පරීක්ෂා කිරීමේදී, එහි පසුපස කොටසේ කකුල් බැඳ දමා මස් පිණිස එළුවෙකු ප්‍රවාහනය කරමින් සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

මහජන බැංකුවෙන් විශේෂ නිවේදනයක්

අපරාධ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම සැකකරුවන් දෙදෙනා දීර්ඝ කාලයක් තිස්සේ බදුරලිය සහ අවට ප්‍රදේශවලින් ගවයන් හා එළුවන් මස් පිණිස නීති විරෝධී ආකාරයෙන් මෙම මෝටර් රථය උපයෝගී කරගෙන ප්‍රවාහනය කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 

ජනප්‍රිය ගායිකාවක් ජීවන ගමනට සමුදෙයි

ජනප්‍රිය ගායිකාවක් ජීවන ගමනට සමුදෙයි