දුම්රියේ ගිහිනුත් හමාර ද?. ආය මොකක්ද කරන්න යන්නේ?. රතු එළියක් මෙන්න..

Vijitha Herath Strike Sri Lanka Sri Lanka Railways Department of Railways Railways
By krishani Nov 02, 2024 05:11 PM GMT
krishani

krishani

Report

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ තම ඉල්ලීම් සඳහා නිසි විසඳුම් ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් එළැඹෙන අඟහරුවාදා දිනයේ සිට යළි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බවයි.

එම සංගමය සඳහන් කළේ තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හරහා මගී ජනතාවට කිසිදු අපහසුතාවයක් සිදුවීමට ඉඩ නොතබන බවයි. 

බන්ධනාගාර රෝහලට ගිය හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ට මොකද වුණේ?. විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

බන්ධනාගාර රෝහලට ගිය හිටපු රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ට මොකද වුණේ?. විශේෂ නිවේදනයක් නිකුත් කරයි..


මේ සම්බන්ධයෙන් අද (02) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වු දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේ තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කළ විෂය භාර අමාත්‍යවරයාට සිය ස්තූතිය පළ කරන බවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

"අපි සතුටුවෙනවා අමාත්‍යවරයා ඊයේ දිනයේදී ප්‍රකාශ කර සිටියා.දුම්රිය ස්ථානාධිපතිවරුට අසාධාරණයක් සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳව විසඳුම් දෙන්න ඔවුන්ට නව රජයේ පාර්ලිමේන්තුව පත්වන තුරු කාලය අවශ්‍ය බව.අපි ඇත්තෙන්ම සතුටුවෙනවා එතුමා මේ පිළිබඳව මේ කාර්යබහුල මොහොතේ හෝ අවධානය යොමුකිරීම පිළිබඳව.

ලංකාවම බියෙන් සලිත කළ.. ආරුගම්බේ සිද්ධියට මොකද වුණේ?. 06ක් කොටු වෙලා?. එකවරම ඇමති විජිත කීව දෙය මෙන්න..

ලංකාවම බියෙන් සලිත කළ.. ආරුගම්බේ සිද්ධියට මොකද වුණේ?. 06ක් කොටු වෙලා?. එකවරම ඇමති විජිත කීව දෙය මෙන්න..


දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෑස්ති වෙනවා කමිටු පත්කරන්න. කමිටු පත්කරන එක හොඳයි. ප්‍රශ්න මගහරින කමිටුවලට අපේ සහභාගීත්වයක් නැහැ.

සඳුදා දිනයේදී මේකට ස්ථිරසාර විසඳුමක් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මගින් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් ලැබුණේ නැත්නම් අඟහරුවාද දිනයේදී අමාත්‍යවරයාගේ ඉල්ලීමට ගරුකරමින් මගීන් අපහසු නොවෙන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හිරකරන වෘත්තිය ක්‍රියාමාර්ගයකට අපි පසුබට වෙන්නේ නැහැ."

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මෙවැන්නකී,

"දුම්රිය ස්ථානාධිපතිවරුන් එක පාරටම අපිට ලියුමක් එනවා එදා හැන්දෑවේ වර්ජනය කරනවා කියලා. මේක අවුරුදු ගාණක් තිබුණු ප්‍රශ්නයක් දැන් කියනවා පැය කිහිපයකින් විසඳන්න නැත්නම් වර්ජනය කරනවා කියලා.

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..


දැන් ආය අද උදේ නැවත ලිපියක් එනවා අද රෑ 12 ඉඳලා වැඩවර්ජනය පටන්ගන්නවා කියලා. ඉතින් මේ විදිහට දේශපාලන වුමණාවන් මත මේවා ක්‍රියාත්මක කරන්න උත්සහා කරනවා. මේ රටේ ජනතාව අපිට ජනවරම දුන්නේ මේ විදිහට පටු දේශපාලන වාසිවලට වැඩකරන්න ඉඩ දෙන්න නෙමෙයි. මහජනතාව පීඩනයට පත්වන ආකාරය කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ සාධාරණ හැකියාවක් ඔවුන්ට නැහැ.

මේක මැතිවරණ කාලයක්, මැතිවරණ කාලයේදී මාරුකිරීම්, උසස්කිරීම් කරන්න බැහැ. ඒක සාමන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා. තව දවස් 14යි තියෙන්නේ අලුත් ආණ්ඩුව පිහිටුවාම මේ ප්‍රශ්නයට අපිට විසඳුමක් දෙන්න පුළුවන්. කාලයක් තිබුණු ප්‍රශ්නවලට 24 පැයෙන් විසඳුම් ඉල්ලන එක සාධාරණ නැහැනේ. ඒ වෘත්තීය සමිතිවලට කියන්නේ ඕබේ ප්‍රශ්නයට අපි විසඳුම් දෙනවා හැබැයි ඒකට සාධාරණ කාලයක් අවශ්‍යයි.."

ReeCha