“බලයට ආවාම ධනය හොයන්න පුළුවන් කියූ දේශපාලන සංස්කෘතිය වෙනස් කළා'' - ගම්පහ රැලියේදී මුනීර් මුලාෆර්ගෙන් ප්‍රකාශයක්

Report

ජාතික ජන බලවේග ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් රැලියක් අද (27) ගම්පහ මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුනීර් මුලාෆර් මහතා මෙරට දේශපාලන සංස්කෘතියේ අවශ්‍යතාව සහ රට තුළ සිදුවිය යුතු සංස්කෘතික වෙනස සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“අපිට එදා අපි හැමකෙනාම දන්නවා, පහුගිය කාලයේ දේශපාලන නායකත්වය ජනතාවට දීපු ආදර්ශය තමයි බලයට ආවා නම් ධනය හොයන්න පුළුවන්, බලයට ආවා නම් හොරකම් කරන්න පුළුවන්, බලයට ආවා නම් නඩු වලින් බේරිලා ඉන්න පුළුවන්. හැබැයි අපේ ආදරණීය මිනිස්සු ලබා දීපු පණිවිඩය තමයි, එදා දුම්රිය ස්ට්‍රයික් වෙලාවේ තමන්ට ටිකට් එකක් ගන්න බැරි වුණාම, ඊළඟ දවසේ ඇවිල්ලා ‘අපි ලෑස්ති මේ ආදර්ශමත් ආණ්ඩුවත් එක්ක මේ ගමන යනවා’ ඒ නිසා අපිත් වෙනස් කියන පණිවිඩය රටටම ලබා දුන්නා. මම හිතන්නේ ඒ වෙනස අපිට අවශ්‍යයි. රටක් ලෙස ඒ සංස්කෘතිමය වෙනසක් අපට අවශ්‍යයි. අපිට ළඟම උදාහරණය තමයි,අපිට තියෙන ළඟම උදාහරණය තමයි අපි ගොඩනගන සංස්කෘතිය සහ මේ රට විනාශ කරපු දේශපාලන බලවේග ගොඩනගන සංස්කෘතිය අතර හොඳම වෙනස තමයි මේ මාසේ 12 වෙනිදා ඒදා එ රැලියෙන් ජනතාව දැනගත්තේ. මෙතන කවුරුත් නැහැ. කණුවල උඩ, ගස් උඩ නැහැ. බෆල්වල උඩ නැහැ. නිවේදකයාට දැනුවත් කිරීම් කරන්න අවශ්‍ය නැහැ. සියලු දෙනාම මේ එකරාශි වෙලා තියෙන්නේ කාවවත් වට්ටවන්නවත්, කාවවත් විනාශ කරන්නවත් නෙමෙයි. රට ගොඩනගන ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ශක්තියක් වෙන්න ඔවුන් සූදානම්. මේ පණිවිඩ ටික රටට, ගමට, තමන්ගේ මිත්‍රයන්ට අරන් යන්න කියන පණිවිඩයත් එක්ක.”  

සියනැකෝරළයේ මාලිමාවේ ගම්පහ මහා රැලිය ඇරඹෙයි

සියනැකෝරළයේ මාලිමාවේ ගම්පහ මහා රැලිය ඇරඹෙයි

ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ජන රැලිය අද

ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ජන රැලිය අද