ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාර - ඉන්ධන වෙනුවෙන් ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරි මාස තුන සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට තීරණය කර ඇති බව ගම්පහ පැවැති ජන රැලියට එක්වෙමින් පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව හෙට (28) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
එම පැකේජය සඳහා රුපියල් කෝටි 4100ක් වෙන් කර ඇති බව අනුර කුමාර දිසානායක මහතා කීය.
ඒ් අනුව ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස සඳහා මෙම ඉන්ධන සහනාධාරය ලැබෙනු ඇත.