ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අනාවැකියක්
By Kanchana
2026 සැප්තැම්බර් 27 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව සඳහන්.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ඒවායෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.
සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර