සූරියාගේ අලුත්ම චිත්‍රපටය Netflix එක හොලවයි - දින 10ක් ඇතුළත නැරඹීම් මිලියන 11.3ක් ‘Vishwanath & Sons’ ඩිජිටල් වේදිකාවේ අලුත් වාර්තාවක් තබයි
සූරියා රංගනයෙන් දායක වන ‘Vishwanath & Sons’ චිත්‍රපටය Netflix හි ඉංග්‍රීසි නොවන චිත්‍රපට කාණ්ඩයේ අංක එකට පත්ව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් 11 වැනිදා Netflix වෙත එක් වූ මෙම චිත්‍රපටය, පළමු දින තුන තුළදී නැරඹීම් මිලියන 5.5ක් වාර්තා කර තිබුණා.
Netflix හි සැප්තැම්බර් 14 සිට 20 දක්වා සතියට අදාළ නවතම දත්ත අනුව, මීට පෙර තෙවැනි ස්ථානයේ පසුවූ ‘Vishwanath & Sons’ චිත්‍රපටය එම සතියේ ඉංග්‍රීසි නොවන චිත්‍රපට අතර අංක එක දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
එම සතිය තුළදී චිත්‍රපටය තවත් නැරඹීම් මිලියන 5.8ක් වාර්තා කර ඇති අතර, ඒ අනුව Netflix වෙත එක්වූ පළමු දින 10 තුළ එහි සමස්ත නැරඹීම් සංඛ්‍යාව මිලියන 11.3ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිනමාහල්වලද සාර්ථක ප්‍රතිචාරයක් හිමිකර ගැනීමෙන් අනතුරුව
‘Vishwanath & Sons’ ඩිජිටල් වේදිකාවට එක්වී ඇත්තේ. නිෂ්පාදකයන් පවසන්නේ චිත්‍රපටය ලොව පුරා ඉන්දීය රුපියල් කෝටි 240ක ආදායමක් උපයා ඇති බවයි. වෙන්කි ඇට්ලූරි විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා සූරියා සහ මමිථා බයිජු රංගනයෙන් දායක වනවා.
සිත්තරා එන්ටර්ටේන්මන්ට්ස් විසින් නිෂ්පාදනය කර ඇති ‘Vishwanath & Sons’, Netflix හි නවතම දත්ත අනුව ඉංග්‍රීසි නොවන චිත්‍රපට අතර පෙරමුණ ගැනීමත් සමඟ සිය ඩිජිටල් සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරගෙන තිබෙනවා.