රජයේ හා පෞද්ගලික පාසල් සඳහා - පාසල් සිසුන්ට ඒඩ්ස් පරීක්‍ෂණ - බිහිසුණු අනාවරණයක්
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක ‘සුරක්ෂා’ රක්ෂණාවරණය යටතට එච්.අයි.වී. (HIV/AIDS) රෝග විනිශ්චය පරීක්ෂණ සඳහා දැරීමට සිදුවන වියදම් ද ඇතුළත් කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා විසින් අදාළ සංශෝධන ඇතුළත් 2024/29 (II) දරන චක්‍රලේඛය පළාත් අධ්‍යාපන බලධාරීන්, පරිවේණාධිපතිවරුන්, රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් නිකුත් කර තිබේ.
පසුගිය වසර තුළ මෙරට වයස අවුරුදු 15ත් 24ත් අතර පසුවන තරුණ තරුණියන් 107 දෙනෙකු ඒඩ්ස් රෝගයට ගොදුරු වී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වන පසුබිමක මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයකි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට නව චක්‍රලේඛයට අනුව, එච්.අයි.වී. පරීක්ෂණවලට අමතරව ඔස්ටියෝපොරෝසිස් (Osteoporosis), හෙපටයිටිස් (Hepatitis), සමේ පිළිකා, පිළිකා ප්‍රතිකාර හා ඒ ආශ්‍රිත පරීක්ෂණ රැසක් සඳහා වන වියදම් ද මෙම රක්ෂණය මඟින් ආවරණය කිරීමට නියමිතව ඇත.
වැඩිදුරටත් අධ්‍යාපන චාරිකා හෝ ක්‍රීඩා උත්සව ඇතුළු පාසල් වේලාව තුළදී හෝ ඉන් පිටතදී අධ්‍යාපන බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ක්‍රියාකාරකම්වලදී සිසුන්ට සිදුවන හදිසි අනතුරුවලදී රුපියල් ලක්ෂයක උපරිම ප්‍රතිලාභ මුදලක් හිමිවන බව වාර්තා වේ.
කොඳු ඇට පෙළෙහි විකෘතිතා නිවැරදි කරගැනීමට පළඳින උපාංග සඳහා වන වියදම් විශේෂඥ වෛද්‍යවරයකුගේ හෝ ආයුර්වේද වෛද්‍යවරයකුගේ නිර්දේශය මත ආවරණය වන පරිදි සංශෝධනය කර ඇති අතර, ශ්‍රවණාධාර උපකරණ අලුත්වැඩියාව සහ බැටරි මාරු කිරීම හැර ඒ සඳහා වැය වන සේවා ගාස්තු ද රක්ෂණයෙන් ගෙවනු ලැබේ.
රාජ්‍ය සේවයේ ලොකුම පිම්මක් - රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු සියල්ලට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් අලුත් වැඩක්
මීට අමතරව, හදිසි අනතුරක් හේතුවෙන් සිදු කිරීමට නියමිත උකුල් ඇට, උරහිස් සහ දණහිස් සන්ධි ප්‍රතිස්ථාපනය සඳහා කෙරෙන ප්‍රධාන ශල්‍යකර්ම වෙනුවෙන් වැය වන පිරිවැය ද මෙම ‘සුරක්ෂා’ රක්ෂණාවරණය යටතට ඇතුළත් කර ඇති බව අදාළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.