ලංකාවම බියෙන් සලිත කළ.. ආරුගම්බේ සිද්ධියට මොකද වුණේ?. 06ක් කොටු වෙලා?. එකවරම ඇමති විජිත කීව දෙය මෙන්න..

Sri Lanka Police Vijitha Herath Sri Lanka Police Investigation Tourism Latest Headlines
By krishani Nov 02, 2024 03:30 PM GMT
krishani

krishani

Report

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම  සංචාරකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයින් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි. 

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..

පාසල් සිසුන්ට රජයෙන් දීමනාවක්.. ලැබෙන විදිහත් එක්ක.. සතුටු වෙන්න පුලුවන් ඒ ආරංචිය මෙන්න..


එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර විදෙස් ජාතිකයෙකු ද වන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වන බවට ලද බුද්ධි තොරතුරුවලට අදාළ ව මෙන්ම කොළඹ ආර්ථීක මර්මස්ථාන ඡායාරූප ගත කිරීමේ සිද්ධීන්වලට අදාළව එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වු මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා කියා සිටියේ මෙවැන්නකී,

"පසුගිය දවස්වල අපේ විදේශීය සංචාරකයින්ට අනතුරක් සිදුවෙනවා කියලා තොරතුරක් ආවා. ඒ ආපු විගසම අපි වහාම ක්‍රියාත්මක වුණා රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළා, විදේශිකයින්ගේ ආරක්ෂාව තහවුරු කළා.

මේ මොකක්ද වෙන්න යන්නේ?. ලේසි නෑ.. ඉදිරි පැය 36 තීරණාත්මකයි.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..

මේ මොකක්ද වෙන්න යන්නේ?. ලේසි නෑ.. ඉදිරි පැය 36 තීරණාත්මකයි.. නිකුත් කළ නවතම නිවේදනය මෙන්න..


විපක්ෂය බලන්හිටියා මේක අහුලගෙන වාසි ගන්න ඒකනේ ඇත්ත කථාව. ඉතින් අපි මේ වෙනකොටත් 06 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මාලදිවයින් ජාතිකයෙක් සහ ලාංකියෝ 05 දෙනෙක් අපේ අත්අඩංගුවේ පරීක්ෂණ කරමින් යනවා. ඒ පරීක්ෂණවලින් අපිට තාම කියන්න බැහැ මේක කොයි ආකාරයේ සැලසුමක්ද ? උත්සාහයක් කියන එක.

මොකද අත්අඩංගුවට ගත්ත 06 දෙනාගෙන් ලබාගත්ත තොරතරු සහ පරික්ෂණවලින් එහෙම නිගමනය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ පිළිබඳව වැරදි අර්තකථන අවශ්‍ය නැහැ කොහොම වුණත් රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ ඒ ආරක්ෂක තහවුරු කරන එක.

"රට හදන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා.." - නොවැම්බර් 14 වෙනිදා?.. අග්‍රාමාත්‍යවරිය කී විශේෂ දෙය මෙන්න..

"රට හදන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා.." - නොවැම්බර් 14 වෙනිදා?.. අග්‍රාමාත්‍යවරිය කී විශේෂ දෙය මෙන්න..


ඉතින් අපි තුන්දෙනාගේ අමාත්‍ය මණ්ඩලය ආරක්ෂ කවුන්සිලය වහා කැඳවලා ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිවරයා විදිහට ඒ අවශ්‍යකරන උපදෙස් දීලා අපි සියලුකටයුතු දැන් අරගෙන ඉවරයි."

ReeCha