නේපාලයේ හිමාල කඳුකරයෙන් ඇසුණු තිගැස්ම - හිම කඳකට යට වී කඳු නගින්නන් 10ක් අතුරුදන්
By Kanchana
නේපාලයේ හිම්ලුං හිමාල් කඳවුරට ඉරිදා උදෑසන හිම කඳු කඩා වැටීමක් සිදුව තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වයක් පැවති අවස්ථාවක සිදුවූ මෙම අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.
මීටර් 7,126ක් උසැති හිම්ලුං හිමාල් කන්ද පිහිටා ඇත්තේ නේපාලයේ මනන්ග් දිස්ත්‍රික්කයේයි.
අතුරුදන්වූවන් සොයා මේ වනවිට සෝදිසි සහ මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, සහන කණ්ඩායම් සහ ගවේෂණ කණ්ඩායම් එක්ව එම මෙහෙයුම් සිදුකරන බව සඳහන්.
අතුරුදන්වූවන් අතර විවිධ ගවේෂණ සමාගම්වලට අයත් කඳු නගින්නන් මෙන්ම සහායක කාර්ය මණ්ඩල සාමාජිකයින්ද සිටින බව ගවේෂණ සංවිධායකයින් තහවුරු කර තිබෙනවා.