මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් - නාමල් රාජපක්ෂට විශේෂ බෝධි පූජාවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සෙත් ප්‍රාර්ථනා කරමින් සංවිධානය කරන ලද විශේෂ බෝධි පූජා පිංකමක් ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සහ සහභාගිත්වයෙන් මෙම පිංකම සිදු විය. හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා විසින් මෙම ආගමික වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ඊට හිතවතුන් සහ පාක්ෂිකයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
