අපි දෙපැත්තක හිටියත් දේශපාලන වෛරයක් තිබුණේ නෑ

By Shehan Aug 17, 2025 02:24 PM GMT
Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, තමන් දෙදෙනා විවිධ දේශපාලන පක්ෂවලට අයත්ව කටයුතු කළද, ඔවුන් අතර කිසිදු පෞද්ගලික වෛරයක් නොතිබූ බවයි.

ලොහාන් රත්වත්තේ මහතාගේ දේහය තැන්පත් කර ඇති මහනුවර මහයියාවේ නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්

චන්ද්‍රිකා ආණ්ඩුව අරන් තිබ්බ ඉඩමේ හයිවේ හදලා මහින්ද රාජපක්ෂ ලකුණු දාගත්තා හැබැයි අපිට දුන්නේ නැවතුන රටක්

"මම බොහෝ කලක සිට ලොහාන් රත්වත්තේ මැතිතුමා ගැන දැනුවත්ව සිටියා. අපි දෙපැත්තේ සිට දේශපාලනයේ යෙදුණත්, අප අතර පෞද්ගලික වෛරයක් කිසිදා තිබුණේ නැහැ. මා ජනාධිපතිව සිටි සමයේ එතුමා වැවිලි කර්මාන්ත ඇමතිවරයා ලෙස ඉතා හොඳින් කටයුතු කළා. එතුමාට දේශපාලනයේ ඉහළ අනාගතයක් තිබුණා. නමුත් දෛවයේ හැටි මෙයයි" යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

ඉදිරි පැය 36ට තද වැසි - පළාත් කිහිපයකට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 36ට තද වැසි - පළාත් කිහිපයකට අනතුරු ඇඟවීමක්

විපක්ෂයේ පොදු වේදිකාව - ලබන සතියේ තීරණාත්මක සාකච්ඡා

විපක්ෂයේ පොදු වේදිකාව - ලබන සතියේ තීරණාත්මක සාකච්ඡා