මොකක්ද මේ වෙන්න යන්නේ රට තුළ අනවශ්‍ය සංචාර වලින් වළකින ලෙසත් දැනුම් දීලා..
මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් තීව්‍ර වීමේ අවදානමක් උද්ගතව ඇති බව වාර්තාවේ . ඒ ඉරානය මෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන බවට නිවේදනය කිරීමත් සමගය.
ඒ අනුව මැදපෙරදිග කලාපයේ අමතර යුද නෞකා සහ ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට අමෙරිකාව පියවර ගන්නා බව පෙන්ටගනය පවසා ඇත .
ඒ සතුරු ප්‍රහාරවලින් ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා සහාය දැක්වීමක් වශයෙනි.

මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ මුදල් කොල්ල කෑ හයක් අත්අඩංගුවට ..පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකුත් ඒ අතර..
එමෙන්ම අමතර බැලිස්ටික් මිසයිල වැළැක්වීමේ හැකියාව ඇති යුද නෞකාවක්ද යෙදවීමට අමෙරිකාව සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඊශ්‍රායල ආරක්ෂක ඇමති යොව් ගැලන්ට් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව අමෙරිකාව මෙම තීරණයට එළැඹ ඇතැයි සඳහන් ය.
මේ අතර මැදපෙරදිග කලාපය තුළ වර්ධනය වෙමින් ඇති යුද උණුසුම මධ්‍යයේ ඊශ්‍රායලයේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ.
ඒ අනුව ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති කාර්යාලය ඉන්දීය ජාතිකයින්ට දැනුම් දෙන්නේ ගමන්බිමන්වලදී අතිශය ප්‍රවේශම් වන ලෙසය.
එමෙන්ම රට තුළ අනවශ්‍ය සංචාරවලින් වළකින ලෙසත් දැනුම්දී ඇත.
