ගේ ලග රතිඤ්ඤා පත්තු කෙරූ දියණියගේ පෙම්වතාට සැරයන් කළ දේ

Sri Lanka Police Sinhala news
By Mithu Apr 28, 2025 07:53 AM GMT
Mithu

Mithu

Report

පොලිස් සැරයන්වරයකුගේ පහරකෑමට ලක් වූ 17 හැවිරිදි පාසල් සිසුවකු අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවට, අනුරාධපුර රෝහල් පොලිසිය මගින් කළ දැනුම්දීමකට අනුව විමර්ශන සිදුකර සැකකාර සැරයන්වරයා මඩාටුගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියා - පකිස්තානු යුද්ධයක් අතළඟ

ඉන්දියා - පකිස්තානු යුද්ධයක් අතළඟ

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, කැකිරාව පොලිසියේ සේවයේ නිරත පොලිස් සැරයන්වරයෙකි. පහර කෑමට ලක් වූ දාහත් හැවිරිදි පාසල් සිසුවා සැකකාර සැරයන් වරයාගේ දියණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන යමින්, අදාළ සැරයන් වරයාගේ නිවස ඉදිරිපිටට පැමිණ රතිඤ්ඤා දල්වා විසි කිරීම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.

පහරදීම සිදුකළ සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමට යෑමේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් මරදන්කඩවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවත්, අනතුරුව ඉකුත් විසිපහදා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් එම සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.

ඉන්දියා - පකිස්තානු යුද්ධයක් අතළඟ

ඉන්දියා - පකිස්තානු යුද්ධයක් අතළඟ

ReeCha