අරගලයට බය වෙලාද? ජනාධිපති මන්දිරය කොටුවෙන් ඉවත් කරයි.පොලිස් මූලස්ථානය ඇතුළු ආයතන කිහිපයකටම ස්ථාන මාරුවීම්.

Sri Lanka Police Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka
By Wayomi Jan 09, 2023 06:58 AM GMT
Wayomi

Wayomi

Report

 ජනාධිපති මන්දිරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත ගෙන යාමට කටයුතු සම්පාදනය කරමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, පසුගිය සතියේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවකදීයි.

පෙර සැලසුමකට අනුව, එනම් යෝජිත ‘උරුම චතුරශ්‍රය’(Heritage Square) කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටුවීමේ කටයුතු අනුව මේ දේවල් සිදු කරන්නට නියමිතයි.

මෙම සැලැස්ම යටතේ ජනාධිපති මන්දිරය, විදේශ අමාත්‍යාංශය සහ පොලිස් මූලස්ථානය ඇතුළු ප්‍රධාන රාජ්‍ය කාර්යාල කිහිපයක් වෙනත් ස්ථානයකට ගෙන යන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

විදේශ අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන ඒම සඳහා විකල්ප ස්ථානයක් හඳුනාගෙන ඇති බවද ජනාධිපතිවරයා හෙළි කළා.

අකුරේගොඩ පිහිටි හමුදා සංකීර්ණයේ ත්‍රිවිධ හමුදාව ස්ථාපිත කළ පසු කොටුවේ පිහිටි පොලිස් මූලස්ථානය කොළඹ 2 හි වත්මන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැඟිල්ලට ගෙන යන බවත් මෙහිදී සඳහන් කර තිබෙනවා.

පසුගිය අරගල සමයේ ජනතා ග්‍රහණයට ලක්වූ කොටුවේ ජනපති මන්දිරය කෝට්ටේට ගෙනගොස් වැඩි ආරක්ෂාවක් සහිතව ඉදිකරන්නට යෝජිත අතර ඊට විශාල මුදලක් වැය කරනු ඇත.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW


ReeCha