කාන්තා ලෝක කුසලාන 2025 - ICC විසින් සංශෝධිත තරග කාලසටහන නිකුත් කරයි

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත කාන්තා එක්දින ලෝක කුසලානයේ සංශෝධිත තරග කාලසටහන අද (22) ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව, බැංගලෝර්හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ ගැටලුවක් හේතුවෙන් එය ඉවත් කර, මුම්බායි හි DY පටිල් ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීම තහවුරු කර ඇත.

මීට සුළු මොහොතකට පෙර දැඩි ආරක්ෂාව මැද රනිල් අධිකරණයට

මීට සුළු මොහොතකට පෙර දැඩි ආරක්ෂාව මැද රනිල් අධිකරණයට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට අමතරව, ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් මෙවර තරගාවලියට එක්වේ. මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සමඟ තරග වැදෙන අතර, ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් හතරට අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව හිමිවේ.

තරගාවලිය සැප්තැම්බර් 30 වැනිදා ආරම්භ වන අතර, පළමු තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවහාතිහිදී තරගයක් පැවැත්වේ. ඉන්දු-පාකිස්තාන දේශපාලන ගැටලු හේතුවෙන්, පාකිස්තානය සහභාගි වන සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

පිස්සු හැදෙන අද රන් මිල

පිස්සු හැදෙන අද රන් මිල

අවසන් පූර්ව තරග ඔක්තෝබර් 29 සහ 30 යන දිනවලත්, අවසන් මහා තරගය නොවැම්බර් 2 වැනිදාත් පැවැත්වීමට සැලසුම් කර ඇත. පාකිස්තානය තරගාවලියේ ඕනෑම අදියරකට සුදුසුකම් ලබන්නේ නම්, එම සියලුම තරග කොළඹදී පැවැත්වෙන බව ICC විසින් දන්වා ඇත.

තරාතිරමක් නෑ වැරදි කරපු හැන්මෝටම දඩුවම් - ආනන්ද විජේපාල

තරාතිරමක් නෑ වැරදි කරපු හැන්මෝටම දඩුවම් - ආනන්ද විජේපාල