පාස්කු මහ මොළකරු අල්ලන්න කියලා පාප් වහන්සෙත් කීවා…- අගරදගුරු කියයි

Report

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට බෙහෙවින් ආදරයෙන් කටයුතු කළ බවත්, පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ රෝමයේ වතිකානුවේ සිට ලෝකයට ලබා දුන් පණිවිඩයේ දී ප්‍රථමයෙන් ශ්‍රී ලංකාව සිහිපත් කළ බවත් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා පවසයි.

නව පාප්වහන්සේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය ගැන ඔබ දැනුවත්ද?

නව පාප්වහන්සේ තෝරා ගැනීමේ ක්‍රියාවලිය ගැන ඔබ දැනුවත්ද?

එම ප්‍රහාරය අවස්ථාවේ පාප්තුමා වින්දිතයන්ට මහත් ආධාර උපකාර කළ බවත්, වින්දිතයන් 41 දෙනෙකුට පෞද්ගලිකව හමුවී ආශීර්වාද කිරීමට අවස්ථාව ලබා දුන් බවත් එතුමා සඳහන් කරයි.

එසේම, පාස්කු ප්‍රහාරයේ යථාර්ථය වටහා ගනිමින්, එහි ගැඹුරු අර්ථයන් තේරුම් ගෙන, ඊට දායක වූවන් නිසි විමර්ශනයකින් සොයා ගන්නා ලෙස පාප්තුමා රටේ නායකත්වයෙන් ඉල්ලා සිටි බවද කාදිනල්තුමා අවධාරණය කරයි.

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..

රනිල්ගේ නීති ගැටයෙන් හිරවුණු අල්ලස් කොමිසම! - චාමර සම්පත් ගැන විමර්ෂණත් නවතී..