දින 10කට පසු සිරි දළදා වන්දනාව අවසන්

Kandy Sinhala news Temple of tooth
By Mithu Apr 27, 2025 01:34 PM GMT
Mithu

Mithu

Report

මහනුවර ඓතිහාසික සෙංකඩගල ශ්‍රී දළදා මාළිගාවේ වැඩවෙසෙන අතිපූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ මහඟු අවස්ථාව සැදැහැවතුන්ට ලබාදෙමින් පැවති "සිරි දළදා වන්දනාව" අද (27) අවසන් වුණි. අදත් පෙරවරු 11ට දළදා වන්දනාව සැදැහැවතුන් වෙනුවෙන් ආරම්භ වූ අතර සවස 5.30 දක්වා වූ කාලය තුළ සැදැහැවතුන් 76,000ක පිරිසකට සිරි දළදා වන්දනාවට එක්වීමට අවස්ථාව උදාවුණි.

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

සජිත් – නාමල් – නයි චැනල්කාරයා බොරු මතයක් හදනවා.. බිමල්.!

"සිරි දළදා වන්දනාවට" මහනුවරට ගෙවුණු දින දහය තුළ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පැමිණි අතර, අව් වැසි නොතකමින් කිලෝමීටර් ගණනාවක් පුරා දිගු වූ පෝලිම්වල රැඳී සිටිමින් සැදැහැවතුන් දළදා වහන්සේ වැඳපුදා ගැනීමට එක්ව සිටියහ. ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඳපුදාගැනීමට වසර 16කට පසුව වරම් ලබාදෙමින් "සිරි දළදා වන්දනාව" ඇරඹුණේ පසුගිය අප්‍රේල් 18 වෙනිදාය.

ඒ අනුව ගෙවුණු දින 10ක කාලය පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ දළදා වහන්සේ වැඳපුදා ගත්තේ දිගු පෝලිම්වල රැඳී සිටිමිනි. එසේම, ඊයේ (26) දිනයේදී දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට නොහැකිවූ සැදැහැවතුන් එහි රැය පහන් කළේ අද අවසන් දිනයේදී හෝ දන්ත ධාතූන් වහන්සේ වන්දනා කර ගැනීමේ අපේක්ෂාවෙනි. ඊයේ රාත්‍රියේ සිට පෝලිම්වල සිටි සැදැහැවතුන් හඳුනා ගැනීම සඳහා පොලීසිය ස්ටිකරයක් ලබාදී තිබුණි.

"සිරි දළදා වන්දනාව" සඳහා ප්‍රවේශ මාර්ග තුනෙහි අදත් දිගු පෝලිම්වල සැදැහැවතුන් රැඳී සිටි අතර, ඔවුන් වෙනුවෙන් දන්සල් ද ක්‍රියාත්මක කෙරුණි. යාපනයේ දෙමළ ජනතාව සංවිධාන කළ සිසිල් පැන් දන්සලක්ද අද මෙම සැදැහැවතුන් වෙනුවෙන් පැවැත්වුණි. මහනුවර නගරයට පැමිණෙන රථ වාහන "සිරි දළදා වන්දනාව" සඳහා පැමිණෙන්නේ දැයි පරීක්ෂාවට ලක්කිරීම සඳහා නගරයට ඇතුළුවන සියලුම ස්ථානවල විශේෂ පොලිස් මුර කපොලු අද යොදවා තිබුණි.

"සිරි දළදා වන්දනාවේ" අවසන් දිනය වූ අද, පෙරවරු 11ට සිරි දළදා වන්දනාව සැදැහැවතුන් වෙනුවෙන් විවෘත කෙරුණි. අද පස්වරු 3න් පසුව "සිරි දළදා වන්දනාවට" යොදවා සිටි ආරක්ෂක, සෞඛ්‍ය, සනීපාරක්ෂක ඇතුළු පහසුකම් සැපයූ පාර්ශ්වයන්ටද දළදා වහන්සේ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබුණි. අද අවසන් දිනයේත් අති විශාල සැදැහැවතුන් පිරිසක් දළදා වන්දනාව සඳහා එක්වීමේ අපේක්ෂාවෙන් එම පරිශ්‍රය වෙත ළඟා වී සිටියද පවතින කාලවේලාව සීමිතවීම මත ඒ සඳහා අවස්ථාව ලබා දිය නොහැකි බව ආරක්ෂක අංශ සාමාජිකයන් ඔවුන්ට කාරුණිකව දැනුම් දුන්නේය.

සංගීත දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව

සංගීත දිනීගේ ආදරණීය දවසේ කවුරුත් නොදුටු ඡායාරූ එකතුව

බොහෝ සැදැහැවතුන්ට සිරි දළදා වන්දනාවට අවස්ථාව නොලැබී ගිය අතර ඔවුන් හැඬු කඳුළින් සිටින අයුරු ද දිස් වුණි. මේ අතර, "සිරි දළදා වන්දනාව" අද පස්වරු 5.30ට අවසන් වීමෙන් පසුව මහනුවර නගරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ වී ඇතැයි වාර්තා වේ.

ReeCha