ජගත් පරිසර දිනය සමරයි - හීලෑ අලි ඇතුන් කළමනාකරණයටත් ප්‍රතිපත්තියක්

Report

අද (05) පෙරවරුවේ ‘දේශගුණ විපර්යාස අවම කරගැනීම වෙනුවෙන් පෙළගැසෙමු’තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පවත්වා ඇත.

සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කෙරෙන තිරසර පරිසරයක් දැක්ම කොටගත් වත්මන් රජයේ පරිසර ප්‍රතිපත්තිය තුළ සමාජ ආර්ථික සංවර්ධනය සහ පරිසරය අතර සමතුලිතතාව රැකෙන පරිදි නිරෝගී ජන සමාජයක් සහ තුලිත පරිසරයක් උදෙසා ප්‍රමුඛතාව ලබා දී ඇති බවයි.

දුටු තැන වහාම පොලිසියට කියන්න - සැකකරුවන් තිදෙනෙක් අල්ලන්න මහජන සහය පතයි - මෙන්න විස්තරේ

දුටු තැන වහාම පොලිසියට කියන්න - සැකකරුවන් තිදෙනෙක් අල්ලන්න මහජන සහය පතයි - මෙන්න විස්තරේ

ඒ අනුව, තිරසර සංවර්ධන රාමුව තුළ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමුගත සම්මුතියේ මූලධර්මයන්ට අනුකූලව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ ගෝලීය ප්‍රයත්නයට ශ්‍රී ලංකාව මේ වන විට සක්‍රීයව දායක වෙමින් සිටියි.

මෙකී වැඩපිළිවෙළට අනුකූලව 2026 ජගත් පරිසර දින ජාතික සැමරුමට සමගාමීව මැයි 30 වනදා සිට ජූනි 05 වනදා දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කරමින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ප්‍රමුඛ රාජ්‍ය, පෞද්ගලික සහ ස්වේච්ඡා සංවිධානවල දායකත්වයෙන් දිවයින පුරා විවිධ පාරිසරික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. එමෙන්ම, මෙවර ජගත් පරිසර දින සැමරුමට සමගාමීව රිටිගල, අලියාවැටුණුවැව, මුලාගල, කෝන්කැටියාව සහ කල්ලංචිය යන වනාන්තර 05, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු වී තිබුණා .

සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිල ප්‍රකාශයට - ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

සුළු මොහොතකට පෙර ලාෆ්ස් ගෑස් මිල ප්‍රකාශයට - ලාෆ්ස් ගෑස් සමාගමෙන් නිවේදනයක්

වැඩිදියුණු කරන ලද ජාතික හරිත වාර්තාකරණ මාර්ගෝපදේශ හඳුන්වාදීම, වෙරළ සංරක්ෂණහා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව මගින් මාගම වැලිකඳු වැටිය බලපෑමට යටත් වන ප්‍රදේශයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අලිමංකඩ නිදහස් කිරීම, කුඩා බුබුල දිය උල්පත හා කපුරැල්ල උණුදිය තෙත්බිම රක්ෂිත බවට ප්‍රකාශයට පත් කිරිමද මෙහිදී සිදු කළ බව සඳහන්

. “සොබා” පාරිසරික සඟරාව 2026 පළමු කලාපය, “සොබා කෙත” පාරිසරික සඟරාව සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ සම්පත් පොත එළිදැක්වීමද මෙහිදී සිදු කර තිබෙනවා . මෙවර ජාතික පරිසර දින සැමරුම කාබන් ශුන්‍ය වැඩසටහනක් ලෙස ඉටු කළ බවට වන සහතිකය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදු කළා . දේශගුණික විපර්යාස අංශය විසින් සංවිධානය කරන ලද චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානයට සහ ජගත් පරිසර දින තේමාව යටතේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් පවත්වන ලද පරිසර හිතකාමී නව නිපයුම් සහ නිර්මාණවල ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් වී තිබෙනවා .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාරිසරික පර්යේෂකයින් සමග සමූහ ඡායාරූපයකටද එක් වී තිබෙනවා . මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජගත් පරිසර දිනය 1972දී නම් කළා. ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ සමරන දෙවැනි ජගත් පරිසර දිනයයි අද සමරන්නේ.අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව මේ ජගත් පරිසර දිනයට සමගාමීව වනාන්තර පහක් රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කළා. රිටිගල, අලියාවැටුණවැව, මුලාගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලංචිය යන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි වනාන්තර පහක් මෙලෙස අපි විසින් ක්‍රියාත්මක කරන වනස්පති වැඩසටහන යටතේ රක්ෂිත ලෙස නම් කළා. අපි රක්ෂිත නම් කිරීම ආරම්භ කළේ 2025 ජගත් පරිසර දිනයේ සිටයි. එදා අපි නිල්ගල, කොට්ටව, තුල්හිරි කන්ද, වේරහැර හා උඩලියද්ද වනාන්තර රක්ෂිත බවට පත් කළා.