මේ ප්‍රදේශවල බිඳ වැටුණු ජල සැපයුම ගැන විශේෂ දැනුම්දීමක්

Report

අඹතලේ සිට කොළොන්නාව දක්වා පානීය ජලය රැගෙන යනු ලබන ප්‍රධාන සැපයුම් නළ මාර්ගයේ හදිසියේ මතු වූ බිඳවැටීමක අලුත්වැඩියා කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිල වශයෙන් පවසයි.

ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර මෙන්ම කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ ඇතුළු කලාප කිහිපයකට තාවකාලිකව අත්හිටුවා තිබූ ජල සැපයුම අද පස්වරු හය වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වනු ඇත.

සුරේෂ් සලේට ගහද්දී, ඇයි රාජපක්ෂලා අඬන්නේ - වසන්ත මුදලිගේ

සුරේෂ් සලේට ගහද්දී, ඇයි රාජපක්ෂලා අඬන්නේ - වසන්ත මුදලිගේ

අද පෙරවරු කාලයේදී මෙම ප්‍රධාන ජල සැපයුම් නළ මාර්ගයේ ඇති වූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන්, ඉහත සඳහන් කරන ලද ප්‍රදේශවලට අද රාත්‍රී අට වන තෙක් පැය කිහිපයක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මීට පෙර නිවේදනය කර තිබුණ ද, තාක්ෂණික නිලධාරීන්ගේ කඩිනම් මැදිහත්වීම මත නියමිත වේලාවට පෙර නළ මාර්ගය පිළිසකර කර ජලය මුදාහැරීමට හැකි වූ බව ද එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

මෙට්‍රෝ බස් ජාලය පුළුල් වෙයි – නව නැවතුම් 8ක් එක්කෙරේ

මෙට්‍රෝ බස් ජාලය පුළුල් වෙයි – නව නැවතුම් 8ක් එක්කෙරේ