සුරේෂ් සලේට ගහද්දී, ඇයි රාජපක්ෂලා අඬන්නේ - වසන්ත මුදලිගේ

Report

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ විමර්ශන ඔස්සේ කරුණු අනාවරණය වෙද්දී රාජපක්ෂ කඳවුර දැඩි ලෙස කලබල වී ඇති බවත්, හිටපු බුද්ධි අංශ ප්‍රධානියෙකු වන සුරේෂ් සලේ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊට එරෙහිව හඬ නඟන බවත් වසන්ත මුදලිගේ මහතා පවසයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් බලයට රැගෙන ඒම සඳහා සුරේෂ් සලේ මහතා නියත වශයෙන්ම දේශපාලන සැලසුමක නියැළී ඇති බවත්, එමඟින් මිනිසුන් තුන්සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කර තවත් පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූ බෝම්බ ප්‍රහාර මාලාවට සැලසුම් සකස් කර ඇති බවත් ඔහු චෝදනා කළේය.

රසිකයන් අතර අතිශය ජනප්‍රිය රංගන ශිල්පියා ඝාතනය වේ - පෙම්වතියගේ පුතා සියල්ල ප්ලෑන් කරලා

රසිකයන් අතර අතිශය ජනප්‍රිය රංගන ශිල්පියා ඝාතනය වේ - පෙම්වතියගේ පුතා සියල්ල ප්ලෑන් කරලා

දෙදහස් විසිදෙක වසරේ පැවති අරගලයෙන් පසුව, තමන් ඇතුළු ක්‍රියාකාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට පත් වූ බව සිහිපත් කළ ඒ මහතා, එහිදී තමන්ට එරෙහිව චෝදනා රැසක් ගොනු කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යට‍තේ සිරගත කළ බව පැවසීය.

එදා රනිල් වික්‍රමසිංහ මහතා තමන්ව සිරගත කිරීමට කටයුතු කළ බවත්, දේශබන්දු තෙන්නකෝන් මහතා ඊට සෘජු සහයෝගය ලබාදුන් බවත්, එම ක්‍රියාවලියේ එක් පාර්ශ්වකරුවෙකු ලෙස සුරේෂ් සලේ මහතා ද කටයුතු කළ බවත් ඔහු පෙන්වා දෙයි.

එහිදී තමන්ව සුළඟක් හෝ ආලෝකයක් නොලැබෙන, හුස්ම ගැනීමට පවා අපහසු අඳුරු සිරකාමරවල රඳවා තබමින්, නිසි ආහාර පාන හෝ නිදා ගැනීමට ඇතිරිල්ලක් පවා නොදී දැඩි ලෙස පීඩාවට පත් කළ බවට ඔහු චෝදනා කරයි.

එදා තමන්ට එවැනි දැඩි පීඩාවක් එල්ල කළ සහ තමන්ව විනාශ කිරීමට සැලසුම් කළ ද, මහජන විරෝධය හේතුවෙන් එය ඉටු කර ගැනීමට නොහැකි වූ සුරේෂ් සලේ මහතා, මේ වන විට බන්ධනාගාරගතව සිටිමින් දැඩි මානසික පීඩනයකින් පසුවන බව පවසමින් ඇප ලබාගැනීමට උත්සාහ කරන බව වසන්ත මුදලිගේ මහතා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් සිය ගණනක් ජනතාව ඝාතනය වීමේ සහ තුවාල ලැබීමේ සිදුවීම සම්පූර්ණයෙන්ම අමතක කරවා, තමන් පත්ව ඇති අපහසුතා මුල් කරගනිමින් ඇප ලබා ගැනීමට උත්සාහ කිරීම අතිශය හාස්‍යජනක තත්ත්වයක් බව ද ඔහු පෙන්වා දෙයි.

කෘෂිකර්මයට නව සහනයක් – පොහොර සහනාධාරය වැඩි කෙරේ

කෘෂිකර්මයට නව සහනයක් – පොහොර සහනාධාරය වැඩි කෙරේ

දේශපාලනඥයින් තමන්ගේ බල හුවමාරුව සහ බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන්ව දේශපාලන මෙවලමක් ලෙස භාවිතා කරන බව ආරක්ෂක අංශ ප්‍රධානීන් වටහා ගත යුතු බව ප්‍රකාශ කළ ඒ මහතා, දේශපාලන පෙරළි හමුවේ දේශපාලකයන් පසුපස ගිය පසුගිය පාලන සමයන්හි සේවය කළ බොහෝ ආරක්ෂක ප්‍රධානීන් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බව ද වැඩිදුරටත් අවධාරණය කළේය.