මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් - නිල සංචිත වත්කම් ගැන අනාවරණයක්
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2026 වර්ෂයේ මැයි මාසය තුළදී 1.6%ක කැපීපෙනෙන වර්ධනයක් සනිටුහන් කරමින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන් නිවේදනය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම මූල්‍ය දත්ත වාර්තාවලට අනුව පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 6.766 ලෙස සටහන්ව තිබූ මෙරට සමස්ත නිල සංචිත වත්කම් ප්‍රමාණය, මැයි මාසය අවසාන වන විට ඇමරිකානු ඩොලර් බිලියන6.873 ක් දක්වා සාර්ථකව වර්ධනය වී තිබේ.
මෙම සංචිත ප්‍රමාණය සඳහා චීන මහජන බැංකුවෙන් ලැබුණු විදේශ විනිමය හුවමාරු පහසුකම යටතේ ලැබුණු මුදල් ද ඇතුළත් වන බව මහ බැංකුව සඳහන් කරයි.