ලොක්කෙක් සිය තනතුරින් ඉල්ලා අස් වූ බව පුවතක් වාර්තා වේ
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ සිය තනතුරින් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (04) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදී ඇති බවත් විශ්ව විද්‍යාල සේවයට යෑම සඳහා ඔහු මෙසේ සේවයෙන් ඉල්ලා අස්වූ බවත් මාධ්‍ය වාර්තා කරයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුබද්ධ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ, 2024 වර්ෂයේ අවසාන භාගයේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති තනතුර සඳහා පත් විය.
මහාචාර්ය මනුජ් ක්‍රිෂාන්ත වීරසිංහ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී නැවතත් විශ්වවිද්‍යාලයීය සේවය සඳහා එක්වීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනුව වාර්තා වේ.