කෘෂිකර්මයට නව සහනයක් – පොහොර සහනාධාරය වැඩි කෙරේ
රජය විසින් හෙක්ටයාරයකට ලබා දෙන පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා සදහන් කර තිබේ.
ඒ අනුව අදාළ සහනාධාරය රුපියල් 5000කින් වැඩි කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර තිබේ
ඔහු පෙන්වා දුන්නේ ඒ අනුව 502,836 දෙනෙකුට මෙම සහනාධාරය හිමිවන බවයි .
මේ සදහා රජය විසින් රුපියල් මිලියන 10,947ක් වැය කරන බවත් එම මුදල එකවර ගොවි ගිණුම්වලට බැර කරන බවත් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත .