දුටු තැන වහාම පොලිසියට කියන්න - සැකකරුවන් තිදෙනෙක් අල්ලන්න මහජන සහය පතයි - මෙන්න විස්තරේ
මීගොඩ හංදිය අසල සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් දැනට පලාගොස් සිටින සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
2026 මැයි 31 වන දින සිදුවූ මෙම ශෝකජනක සිදුවීමෙන් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පිරිසක් බරපතල තුවාල ලැබූහ.
අනතුර සිදුවූ අවස්ථාවේ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති නමුත් එහි ගමන් කළ අනෙක් පිරිස ප්‍රදේශයෙන් පලාගොස් ඇත.
අවශ්‍යව සිටින පුද්ගලයන්ගේ ඡායාරූප සහ තොරතුරු දැනටමත් මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර ඔවුන් සොයා ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන පවත්වයි.
සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් මීගොඩ පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
01 සැකකරුගේ විස්තර
නම :-අත්තනායකගේ දොන් වසන්ත
ලිපිනය :-අංක 243/ඩී, කුඩමාදුව, සිද්ධමුල්ල, පිළියන්දල (කැබ් රථයේ ලියාපදිංචි අයිතිකරු වේ)
02 සැකකරුගේ විස්තර
නම :- එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර්
ලිපිනය :- අංක 342/ඩි, පැලැන්වත්ත, පන්නිපිටිය
03. සැකකරුගේ විස්තර නම :- දොන් සරත් හෙට්ටිගේ
ලිපිනය :- අංක 337/07, පැලැන්වත්ත, පන්නිපිටිය.
ඒ අනුව අදාළ සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
දුරකථන අංක -
ස්ථානාධිපති - මීගොඩ පොලිස් ස්ථානය 071-8592179
ස්ථානාධිපති රථවාහන, මීගොඩ පොලිස් ස්ථානය 077-9494188