ශ්‍රී ලංකාවේ සිටින එකම ළමා විකිරණ විශේෂඥ වෛද්‍යවරයාත් රට හැර යයි.

Sri Lanka Hospitals in Sri Lanka
By Wayomi Jul 01, 2023 12:36 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ සිටින එකම ළමා විකිරණ විශේෂඥ වෛද්‍යවරයා රට හැර ගොස් ඇති බව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය (AMS) ප්‍රකාශ කළා.

මේ වන විට විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වී ඇති බව එම සංගමය අනාවරණය කර තිබෙනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය අශෝක ගුණරත්න සඳහන් කළේ, රේඛීය හෘද රෝග විශේෂඥ වෛද්‍ය, ළමා ස්නායු විශේෂඥ, ළමා හෘද රෝග, හදිසි වෛද්‍ය, ළමා මනෝ වෛද්‍ය වැනි විශේෂඥ වෛද්‍යවරුන් මෙලෙස රට හැර ගිය පිරිස අතර සිටින බවයි.

2024-2025 කාලය තුළ ශ්‍රී ලංකාවට විශේෂඥ වෛද්‍යවරුන් 4000කට ආසන්න ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

එමෙන්ම දැනට මෙරට සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් 2000ක් පමණක් බවත් වෛද්‍ය ගුණරත්න වැඩිදුරටත් කියා සිටියේ.

හදිසි සේවා සඳහා වෛද්‍යවරුන් තිහකට ආසන්න පිරිසක් පුහුණු කර ඇති බව සඳහන් කළ වෛද්‍ය ගුණරත්න එම කණ්ඩායමේ වෛද්‍යවරුන් 20 දෙනෙකු මේ වන විටත් විදේශගත වී ඇති බව අනාවරණය කළා.

2024-2025 කාලය තුළ නිර්වින්දන වෛද්‍යවරුන් 289ක් අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කළද දැනට මෙරට සිටින්නේ නිර්වින්දන වෛද්‍යවරුන් 155ක් පමණක් බව වෛද්‍ය අශෝක ගුණරත්න කියා සිටියේ.  

ReeCha