යුරෝපයට පනින්න අලුත් ක්‍රමය.
ශ්‍රී ලාංකිකයන් යුරෝපා රාජ්‍යයන් වෙත පළා යෑම සදහා භාවිතා කරන නවතම ක්‍රමයක් අනාවරණය කරගෙන් තිබෙනවා.
ඒ, කටුනායක ගුවන් තොටුපළ තුළ සේවය කරන ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින්.
බොහෝ යුරෝපා රටවල තානාපති කාර්යාල සහ එම නිලධාරීන් ශ්‍රී ලංකාව තුළ නොසිටින අතර ,ඔවුන් ඉන්දියාව තුළ සිටිමින්, ශ්‍රී ලංකාවට අදාළ සිය රාජකාරී කටයුතු ද සිදු කරනු ලබනවා.
එම හේතුවෙන් මෙම අවස්ථාව යොදා ගනිමින් ඉන්දියාව වෙත ගමන් ගන්නා ශ්‍රී ලාංකිකයන්, එහිදී තැරැව්කරුවන් මගින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස වීසා බලපත්‍ර සකස් කර ගෙන , ඒවා මගින් යුරෝපා රටවල් වෙත පළා යෑම සිදු කෙරෙනවා.
ඒ අනුව මෙම නවතම ක්‍රමය මඟින් කූඨ ලෙස සකස් කළ මෝල්ටා රාජ්‍යයේ වීසා බලපත්‍රයක් සහිතව ඉන්දියාව වෙත ගමන් කිරීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික තරුණයකු අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් කටයුතු කර තිබුණා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,ඔහු දෙහිවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි තරුණයෙක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |