අධිවේගයේදී ගුවන් සේවා නිලධාරිනිය ඝාතනය කළ සැකකරු රටින් පනින්න යද්දි අල්ලයි. - (PHOTOS)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම අසල දී කාන්තාවක්ව අමානුෂික ලෙස ඝාතනය කළ පුද්ගලයා කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු රටින් පිටවීමට උත්සාහ ගත් අවස්ථාවේ දී එලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ.
ඊයේ (09) සවස කහතුඩුව පොලිස් වසමේ කහතුඩුව අධිවේගී පිවිසුම් මාර්ගය ආසන්නයේ දී මෙම ඝාතනය සිදු වී තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක් වුණේ, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සේවිකාවක්ව වන 41 හැවිරිදි මඩපාත, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
මියගිය කාන්තාව රාජකාරිය නිමවී නිවස බලා යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා.
මෙම ඝාතනය අනියම් ප්‍රේම සබඳතාවයක් හේතුවෙන් සිදුවන්නට ඇතැයි සැක කෙරෙන බවයි පොලිසිය සඳහන් කළා.
කෙසේ වෙතත් අදාළ කාන්තාව ඝාතනය කළ බවට සැක කෙරෙන 45 හැවිරිදි පුද්ගලයා දිවයිනෙන් පිටවීමට උත්සාහ දැරීමේදී කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනුණු අතර ඔහු වසර ගණන් විදෙස් ගතව සිට දිවයිනට පැමිණි අයෙක් බවත් සඳහන්.