හෝටලයේ සිට අතුරුදහන් වූ සුරූපී තරුණිය නොසිතූ තැනකින් හමු වෙයි.(PHOTOS)

Police spokesman Sri Lanka Police Israel
By Aruna Jun 30, 2024 04:24 AM GMT
Aruna

Aruna

Report

පසුගිය 26 වන දින සිට අතුරුදහන්ව සිටි ඊශ්‍රායල ජාතික තරුණියක් වන Tamar Amitai ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙම අතුරුදහන්වීම මෙරට මෙන්ම ජාත්‍යන්තර මාධ්‍යවලද දැඩි අවධානයකට ලක්ව තිබුණා.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ගණන් පහත දමයි?..දැනට ලැබෙන ආරංචිය මෙන්න..

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ගණන් පහත දමයි?..දැනට ලැබෙන ආරංචිය මෙන්න..


එම තරුණිය සංචාරයක් සඳහා පසුගිය 22 දින මෙරටට පැමිණ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට ඇති අතර, පසුගිය 26 වන දින හෝටලයෙන් පිටත්ව ගොස් නැවත නොපැමිණීම නිසා හෝටල් හිමිකරු විසින් 29 දින උප්පුවේලි පොලිසීයට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම මෙහෙයුම ආරම්භ කර තිබූ බවයි වාර්තා වන්නේ.

එම තරුණිය නිලාවේලි ප්‍රදේශයේ කඳුබෑවුමකදී ලිස්සා යාමකට ලක්ව සිරවී සිටියදී සොයා ගැනීමට සෝදිසි මෙහෙයුම් කණ්ඩායම්වලට හැකි වී ඇති බවයි පැවසෙන්නේ.

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම මේ අයට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දීමක්..

ඉදිරි පැය 24 ගැන අනතුරු ඇඟවීමක්..වහාම මේ අයට ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි දැනුම්දීමක්..


සීරීම් සහ සුළු තුවාල වී සිටි ඇය ත්‍රිකුණාමලය මහ රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටින අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු උප්පුවේලී පොලීසිය මගින් සිදුකරනු ලබනවා.

GalleryGallery