අද සිට ක්‍රියාත්මක වන අලුත්ම නීතිය
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් පැනවූ තහනම් නියෝගය අද (09) දින පටන් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මෙසේ තහනම් නියෝගයක් පනවා ඇත්තේ රටවල් 12ක පුද්ගලයින්ට ඇමෙරිකාවට ඇතුළු වීම තහනම් කරමින් බව සඳහන්.
මෙම රටවල් අතරට ඇෆ්ගනිස්තානය, මියෙන්මාරය, චැඩ්, කොංගෝ, ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනය ඇතුළු රටවල් අයත් වේ.
එසේම ඇතැම් රටවල් සඳහා අර්ධ සංචාරක තහනමක් පනවා ඇති බවටද වාර්තා වේ.
ඒ අතර බුරුන්ඩි, කියුබා, ලාඕස, සියෙරා ලියෝන්, ටොංගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන රටවල පුද්ගලයින්ට ඇති බව පවසයි.
අඳාළ පියවර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්‍ප් ගෙන ඇත්තේ ආරක්ෂක හේතූන් පදනම් කරගනිමින් බව ප්‍රකාශ කරයි.