යාපනය ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් නතර කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැහැ-නලින්ද

Report

යාපනයේ යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, ව්‍යාපෘතිය සැලසුම් කළ පරිදිම දිගටම ක්‍රියාත්මක බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ ( 24) පැවැති කැබිනට් තීරණ නිවේදන මාධ්‍ය හමුවේදී පැහැදිලි කළේය.

ඔහු මෙසේ ප්‍රකාශ කළේය: "යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අපි දිගටම කරගෙන යනවා. ඕනෑම ඉදිකිරීම් ව්‍යාපෘතියකදී පාරිසරික බලපෑම් තක්සේරු වාර්තාව , ශක්‍යතා වාර්තාව ඇතුළු අනිවාර්ය ලේඛන ලබාගැනීම සිදු කර තිබෙනවා.ව්‍යාපෘතිය නැවැත්වීමට කිසිදු තීරණයක් ගෙන නැහැ. සියලුම අදාළ අමාත්‍යාංශවල සම්බන්ධීකරණය හා සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

රනිල් - මහින්ද ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න.. ආණ්ඩුවට කෙළවුනු තැන ගැන සමන්තභද්‍ර හිමි මතක් කරපු හැටි

රනිල් - මහින්ද ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න.. ආණ්ඩුවට කෙළවුනු තැන ගැන සමන්තභද්‍ර හිමි මතක් කරපු හැටි

" ප්‍රදේශය අභයභූමියක් හා පාරිසරික වශයෙන් සංවේදී බව සම්බන්ධයෙන් රජය වැඩි අවධානයක් යොමු කරනවාද යන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කීවේ:

"නිසැකවම අපි පාරිසරික ගැටලු කෙරෙහි අවධානය යොමු කරනවා. අදාළ අමාත්‍යාංශය හා ආයතන ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා." ජනාධිපතිවරයා මෙම වසර තුළ පළමු තරගය පැවැත්වෙන බව ප්‍රකාශ කිරීමෙන් නිලධාරීන් නොමඟ යවා ඇත්ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ:"ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමේ අරමුණ පමණයි. ඉදිකිරීම් අවසන් කිරීමට රජයට තිබෙන අදහස ඒකයි.

හැකි ඉක්මනින් ඉදිකිරීම් අවසන් කිරීම අපේ ඉලක්කයයි." මෙම ප්‍රකාශය මගින් යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් මතු වූ විවාද හා බිය ඇති කර තිබූ ප්‍රශ්නවලට රජයේ නිල පිළිතුරු ලැබී ඇත.

ව්‍යාපෘතිය දිගටම ඉදිරියට ගෙන යන බවත්, පාරිසරික නීතිරීති අනුගමනය කරමින් ඉදිකිරීම් සිදු කරන බවත් අමාත්‍යවරයා තහවුරු කළේය.

නොරොච්චෝලේ සත් පුද්ගල කමිටුව පත්වේ

නොරොච්චෝලේ සත් පුද්ගල කමිටුව පත්වේ