නොරොච්චෝලේ සත් පුද්ගල කමිටුව පත්වේ
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට පවතින ගල් අඟුරු සැපයුම් යාන්ත්‍රණය සමාලෝචනය කිරීම සඳහා සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීම බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයේ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඒ.එස්. රොඩ්රිගෝ කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.
කමිටුව පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත වේ:
1.මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ඒ.එස්. රොද්‍රිගෝ (සභාපති) - මොරටුව විශ්ව විද්‍යාලයේ විදුලි ඉංජිනේරු අංශයේ ප්‍රධානී
2.ආචාර්ය එන්.ඒ.අයි.ඩී. නිශ්ශංක (සාමාජික) - මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය)
3.ආචාර්ය අයි.යූ. අත්තනායක (සාමාජික) - මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)
4.ආචාර්ය ආර්.එම්.ඩී.එස්. ගුණරත්න (සාමාජික) - මොරටුව විශ්ව විද්‍යාලයේ රසායනික හා ක්‍රියාවලි ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය)
5.ආචාර්ය උදිත් විජේවර්ධන (සාමාජික) - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
6.ආචාර්ය ගීතාල් සිරිවර්ධන (සාමාජික) - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ කේ.එල්.ආර්.සී. විජයසිංහ (කැඳවුම්කරු) - අතිරේක ලේකම් (විදුලිබල හා විදුලිබල ප්‍රතිසංස්කරණ), බලශක්ති අමාත්‍යාංශය
7.කේ.එල්.ආර්.සී. විජයසිංහ (කැඳවුම්කරු) - අතිරේක ලේකම් (විදුලිබල හා විදුලිබල ප්‍රතිසංස්කරණ), බලශක්ති අමාත්‍යාංශය