මෙරට රිලවුන් චීනයට රැගෙන යාමේ ගැටලුව කැබිනට් මණ්ඩලයටත් යයි..

Sri Lanka Ministry of Agriculture
By krishani Apr 15, 2023 07:18 AM GMT
krishani

krishani

Report

චීන සත්වෝද්‍යාන සදහා මෙරට රිලවුන්  ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටළු‍ව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඉන් පසුව ඊට අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බව එම අමාත්‍යාංශය පැවසුවේ.

චීන නියෝජිත පිරිසක් විසින් මෙරට රිලවුන් චීන සත්වෝද්‍යාන වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව චීනයට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යනයක් කිරීමට වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශ 4ක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කෙරිණ.

එහි පළමු පියවර ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට ඉදිරි කටයුතු සිදුකරන බව අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වූ අතර එයට සමාජයේ දැඩි කතාබහක් මතු විය.

කෙසේවෙතත්, පරිසරවේදීන් චෝදනා කළේ එය සිදුවන ආකාරය සම්බන්ධයෙන් තවමත් නිසි පැහැදිලි කිරීමක් සිදුකර නොමැති බවත් අපනයනයට පෙර විධිමත් සමීක්ෂණයක් සිදුකළ යුතු බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join