සිසුන් පිරිසක්ම රෝහල් ගත කරමින් ආපනශාලාවක් කඩා වැටේ..
ගිනිගත්හේන පොලිසියේ ඉදිරිපිට අනාරක්ෂිත වෙළඳ සැලක ආහර ලබාගැනීම සඳහා ගිය සිසුන් හය දෙනෙකු අනතුරට ලක්වී ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට (18)ඇතුළත් කර තිබෙනවා.
ඒ අද උදෑසන අඹගමුව විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකු මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ, ගිනිගත්හේන නගරයේ බාහිර පන්තියකට සහභාගීම සඳහාහ පැමිණ ආහාර ලබා ගැනීමට මෙම හෝටලයට ගිය බවයි.
එහෙත් හෝටලයේ අනාරක්ෂිත බිම් මහලතුළ රැඳී සිටියදී එහි ලී පොළොව කඩා වැටී අඩි 15කට පමණ බෑවුමකට මෙම සිසුන් හය දෙනා පෙරළීගොස් අනතුරට ලක්වී තිබෙනවා.
දැඩි ලෙස අබලන්ව අපිරිසිදු අනාරක්ෂිත ඇති හෝටලයේ බිම්මහලේ මෙම අනතුර සිදුවීමත් සමගම ප්‍රදේශවාසීන් විසින් සිසුන් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට හෝටලය වසා දමා ඇති ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශනන සිදුකරයි .
අනතුරට ලක් වූ සිසුන් හය දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වන්නේ.
………………………………………………………………………………
You may like this video 👇