උණු වතුර හුමාලය අල්ලන අය පරිස්මින්..අනතුරුදායක තත්ත්වයක්...රෝගීන් ගණන ඉහළ යයි.

Covid Sri Lanka Hot water steam Sathish wijemanna
By Aruna Sep 07, 2021 05:58 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් වසංගතයත් සමග උණු වතුර නිසා ඇතිවන පිළිස්සුම්වල වැඩිවීමක් ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විශේෂඥ, සතිෂ් විජේමාන්න මහතා ඊයේ පැවති මාධය හමුවකදී පෙන්වා දුන්නේය.

‘කෝවිඩ් තත්ත්ව හමුවේ අපි දකිනවා ඉතාමත් සීඝ්‍ර වැඩිවීමක් තියෙනවා මේ විශේෂයෙන්ම උණු දියර ආශ්‍රයෙන් වන පිළිස්සුම්වලින්.

වැඩි රෝගීන් පිරිසකට හේතුව වෙලා තියෙන්නේ මේ හුමාලය අල්ලන්න ගිහිල්ලා.

මේ කෝවිඩ් හමුවේ අපි දකිනවා මෙය ප්‍රතිකාරයක් හැටියටත් කොවිඩ් එකෙන් වැළකී ඉන්න කියලා මේ හුමාලය අල්ලනවා.

ඉතින් මං කියන්නේ ඉදිරියට තමන් හුමාලය අල්ලන්න බලාපොරොත්තු වෙනවා නම් සෙම්ප්‍රතික්ෂාවකට ඒක බොහොම කල්පනාකාරිව කරන්න ඕනේ.

කොවිඩ් ව්‍යාප්තිය සමග හුමාලය ඇල්ලීමට යාමෙන් (දුම් ඇල්ලීමට) පිලිස්සුම් තුවාල ඇතිවීමේ අවදානමක් ඇති වී ඇතිවී තිබෙනවා.

හුමාලය ඇල්ලීමට යොදා ගන්නා උණු වතුර හලා ගැනීමෙන් වයස් භේදයකින් තොරව පිලිස්සුම් තුවාල සිදු කරගැනීම් වාර්තාවනවා.

පෙර සංඛ්‍යාලේඛන සමග සැසැඳීමේදී ඒ බව පහසුවෙන් හඳුනාගන්න හැකියි.

ඒසේම කුඩා දරුවන් පිලිස්සුම් තුවාල ඇති කර ගැනීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා.

උණුවතුර හෝ වෙනත් ආකාරයකින් පිලිස්සීම ඇති වුවහොත් ඒ අවස්ථාවේදීම ඇඳුම් ඉවත් කර ගලා යන සිසිල් ජලයෙන් පිලිස්සුණු ප්‍රදේශය සිසිල් කර ඉන්පසු රෝහල්ගත කිරීමට කටයුතු කරන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now