කිසිදු අයෙකුගේ නමක් ගමක් නොමැතිව ‘කතරගම දෙවියන්ට පිං අනුමෝදම් වේවා…’ මුළු රටටම වැදගත් අපූරු නිර්මාණය මෙන්න(PHOTOS)

Report

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ ළමා වාට්ටු සංකීර්ණය හෙට (03) දින පෙරවරු 09.00ට විවෘත කිරීමට කටයුතු යෙදා තිබෙනවා.

රුපියල් මිලියන 156 ක වියදමින් මෙම වාට්ටු සංකීර්ණය මහල් 04 කින් යුතුව රෝගී දරුවන් වෙනුවෙන් ඉදිකර තිබීම විශේෂත්වයක්.

අද ලග්න කිහිපයකට හදිසි ධන සම්පත් සහ ලාභ ලැබෙන විශේෂ දිනයක්..

අද ලග්න කිහිපයකට හදිසි ධන සම්පත් සහ ලාභ ලැබෙන විශේෂ දිනයක්..


බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරන්නේ, මෙම වාට්ටු සංකිර්ණය අපේක්ෂා රෝහලේ නේවාසිකව සිටින දරුවන්ගේ සුරතින් විවෘත කරන බවත්, කිසිදු අයෙකුගේ නමක් ගමක් නොමැතිව ‘කතරගම දෙවියන්ට පිං අනුමෝදම් වේවා…’ කියා පමණක් සමරු පලකයේ සඳහන් කිරීම පමණක් කළ බවයි.

රුහුණු කතරගම දෙවොලින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුව රෝගී අයිතියට කතරගම දේවාලය මගින් මෑත ඉතිහාසයේ බැතිමතුන්ගේ පඬුරු ආධාර මුදල් උපයෝගී කොටගෙන සිදු කළ විශේෂ සමාජ සත්කාරය මෙය වන අතර, කිසිදු දේශපාලඥයෙකුගේ සහභාගිත්වයෙන් තොරව විවෘත කරනු ලබන මෙම ව්‍යපෘතියේ ශ්‍රමදායකත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ලබාදෙනු ලබයි.

GalleryGalleryGallery