ලොව උසම කන්ද එවරස්ට් කියලා විශ්වාසද.?අන්න උස වෙනස් වෙලාලු..

Report

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත.

පාස්පෝට් බැලුවද ? නැත්නම් ඔයා ලොකු වැරද්දක් කර ගන්නේ මිත්‍රයා..අදම බලන්න..(VIDEO)

පාස්පෝට් බැලුවද ? නැත්නම් ඔයා ලොකු වැරද්දක් කර ගන්නේ මිත්‍රයා..අදම බලන්න..(VIDEO)

මේ බව අනාවරණය කළේ ලන්ඩන් යුනිවර්සිටි කොලේජ් පර්යේෂකයන් කණ්ඩායමකි. එම විද්‍යාඥයන්ට අනුව, එවරස්ට් ශිඛරය මීටර් 15ත් 50ත් අතර ප්‍රමාණයකින් උසින් වැඩි වී තිබේ.

වසර මිලියන 40-50කට පෙර ඉන්දීය සහ යුරේසියා භූ තැටි ඝට්ටනය වීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් හිමාල කඳු වැටිය නිර්මාණය වී ඇති අතර පෘථිවි පෘෂ්ඨයේ ව්‍යුහයට බලපාන මහා පරිමාණ ක්‍රියාවලි එහි අඛණ්ඩ වර්ධනයට ප්‍රධාන හේතුව ලෙස සැලකෙයි.

"එහෙම නෙවේ මෛත්‍රීපාල සිහිනය නිමිය.."මොකක්ද මේ හිටපු ජනපති කියන කතාව..(VIDEO)

"එහෙම නෙවේ මෛත්‍රීපාල සිහිනය නිමිය.."මොකක්ද මේ හිටපු ජනපති කියන කතාව..(VIDEO)

එවරස්ට් ශිඛරය චීන සහ නේපාල දේශසීමා මායිමේ පිහිටා ඇති අතර එහි උතුරු කොටස ඇත්තේ චීනය දෙසටය.

එවරස්ට් ශිඛරය උස යෑම සඳහා බලපාන ප්‍රධාන සාධකයක් වන්නේ අරුන් ගංගාව පාමුල ඇති පාෂාණ හා පස් ඛාදනය වෙමින් ඉහළට තල්ලු වීම බව, පර්යේෂකයෝ පවසති.