බම්බලපිටියේ බස් නැවතුමක ගසක එල්ලා තිබූ අත්බෝම්බය ගැන තොරතුරු හෙළි වෙයි.
බම්බලපිටිය, බෞද්ධාලෝක මාවතේ මාර්ග අංක 154 බස් නැවතුමක් අසල ගසක ජීව අත්බෝම්බයක් එල්ලූ බව කියන පවිත්‍රතා සේවකයෙකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.
ඔහු එම බෝම්බය මොරොන්තුඩුවේ සිට රැගෙන ආ බවයි වාර්තා වන්නේ.
බෑගයක දැමූ බෝම්බයක් ගසක එල්ලා ඇති බවට සැකකාර පවිත්‍රතා සේවකයා පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබෙනවා.
පසුව සිදු කළ විමර්ශනවලින් පසු එම ක්‍රියාව ඔහු විසින් ම සිදු කරන ලද බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනුණා.
මොරන්තුඩුව, මහා ගෝනදූව ප්‍රදේශයේ සිට රැකියාව සඳහා පැමිණෙන අවස්ථාවේදී මාර්ගය අසල තිබී යකඩ බෝලයක් වැනි දෙයක් දුටු බවත් එය යකඩවලට විකිණීම සඳහා ගෙන ඒමෙන් අනතුරුව එය දුටු තවත් පවිත්‍රතා සේවකයෙකු එය බෝම්බයක් බව තමන්ට පැවසීමෙන් අනතුරුව ගසෙහි එල්ලූ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබෙනවා.
අදාළ සැකකරු 65 හැවිරිදි වියේ පසු වන අතර තව දුරටත් දීර්ඝ ප්‍රශ්න කරන බවත්, ඔහුගේ ප්‍රකාශයන් වලින් සෑහීමකට පත් විය නොහැකි බවත්, එම නිසා ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත භාර දීමට කටයුතු කරන බවත් පොලිසිය පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |