සුප්‍රසිද්ධ හෝටලයකදී තරුණියකට මුහුණ දීමට සිදු වූ අමිහිරි අත්දැකීම..

Sri Lanka Police Sri Lanka Public Health Inspector
By Piyumika Oct 19, 2024 05:03 AM GMT
Piyumika

Piyumika

Report

ගොතටුව ප්‍රදේශයේ සුප්‍රසිද්ධ අවන්හලකින් ආහාර ගැනීමෙන් පසුව පානීය ජල බෝතලයක් ගෙන පානය කළ තරුණියකට එය ආසාදනය වීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පන් ගන්නා කල්ලියක්..සුප්‍රසිද්ධ නළුවෙකුටත් මරණ තර්ජන කරලා..

ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පන් ගන්නා කල්ලියක්..සුප්‍රසිද්ධ නළුවෙකුටත් මරණ තර්ජන කරලා..

අදාළ තරුණිය මිලි ලීටර් 250ක් වන එම පානීය ජල බෝතලය මුද්‍රා ඉවත් කර පානය කර ඇති අතර එහිදී උගුරට දැඩි අපහසුතාවක් දැනී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඇය පානය කළ ජලය වමනය කර ඇති අතර එම අවස්ථාවේදී ඇයගේ උගුර ප්‍රදේශය පිචිචි යන අකාරය දැනී ඇති බවයි පොලිසියට ඇය ලබා දී ඇති පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ.

ගුණයි කියලා ඔයත් ගත්තද..එහෙනම් බලාගෙන..

ගුණයි කියලා ඔයත් ගත්තද..එහෙනම් බලාගෙන..

එම අවස්ථාවේදී අවන්හලට ආහාර ගැනීමට පැමිණි සිටි වෛද්‍යවරියක් එම ජල බෝතලය පානීය ජලය නොව සර්ජිකල් ස්ප්‍රීතු බවට පවසා තිබෙනවා.

කෙසේ වෙතත් සර්ජිකල් ස්ප්‍රීතු අඩංගු බව කියන පානීය ජල බෝතලය පොලිස් භාරයට ගෙන ඇති අතර එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත ලබා දී පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.