ලෝකයේම අවධානය යොමුවූ විශ්මිත අභ්‍යවකාශ ගමන නිමා වූ හැටි මෙන්න.

America World Spaceflight Touverism
By Aruna Sep 19, 2021 04:47 AM GMT
Aruna

Aruna

Report

සංචාරකයන් සිව්දෙනෙකු රැගත් පළමු අභ්‍යවකාශ චාරිකාව සාර්ථක ලෙස අවසන්කර තිබෙන බව වාර්තා වනවා.

ඒ, අභ්‍යවකාශ චාරිකාව අරම්භකර දින 3කට පසු ස්පේස් එක්ස් ෂටලය අත්ලාන්තික සාගරය වෙත සාර්ථකව ගොඩබැස්සවීමත් සමඟයි.

සංචාරකයින් රැගත් යානාව අභ්‍යවකාශගත කරනු ලැබුවේ පසුගිය 16 වනදා අමෙරිකාවේ කෙනඩි තුඩුවෙන් වන අතර ගගනගාමී නොවන පිරිසක් දීර්ඝ අභ්‍යවකාශ ගමනක් සඳහා එක්වූ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වීමට නියමිතයි.

මෙය ස්පේස් එක්ස් සමාගමට අයත් රොකට්ටුවක් යොදාගෙන නාසා ආයතනයේ ද මැදිහත්වීමෙන් දියත් කරනලද මෙහෙයුමක් වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now