දඩය ලක්‍ෂ 50යි...වැඩි මිලට ජල බෝතල් විකුණන්නේ බලාගෙනයි....

Water Ministry of Consumer Affairs Authority Sinhala news
By Hashini Apr 28, 2025 01:13 AM GMT
Hashini

Hashini

Report

උපරිම සිල්ලර මිල ඉක්මවා දේශීය පානීය ජල බෝතල් විකුණන වෙළෙඳුන්ට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 50 දක්වා දඩ මුදල් අය කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ අනුව මි.ලී. 500 පානීය ජල බෝතලයක් රු. 70/-කට, ලීටරයක බෝතලයක් රු. 100/-කට, ලීටර් 1.5 බෝතලයක් රු. 130/-කට, ලීටර් 2 බෝතලයක් රු. 160/-කට සහ ලීටර් 5 බෝතලයක් රුපියල් 350/-කට වැඩි මිලට විකිණීම නොකළ යුතුය.

මේ නව මිල ගණන් යටතේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර නිෂ්පාදනය කරනු ලැබූ පානීය ජල බෝතල්වල කුමන මිලක් සටහන්ව තිබුණද එම පානීය ජල බෝතල් ඉහත සඳහන් උපරිම සිල්ලර මිලට අලෙවි කිරීම අනිවාර්ය වනවා.

උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කරනු ලබන සමාගමක් පළමු වරට කරනු ලබන වරදකදී රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50 අතර දඩ මුදලක්ද සමාගමක් නොවන ව්‍යාපාරික ආයතනයක් පළමු වරට ඒ වරද කළ හොත් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද අධිකරණ මඟින් නියම කරනු ඇත.

දෙවැනි වරට හෝ ඉන් පසුව කරනු ලබන වරදකදී ඉහත සඳහන් දඩ සීමා තවත් වැඩි වන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඉන්දියා - ලංකා පාලමට අපි විරුද්ධයි.... විජිත කියයි

ඉන්දියා - ලංකා පාලමට අපි විරුද්ධයි.... විජිත කියයි

ReeCha