ඉන්දියා - ලංකා පාලමට අපි විරුද්ධයි.... විජිත කියයි
ඉන්දියාවේ සිට මෙරට මන්නාරම දක්වා යෝජනා කෙරුණු පාලම ඉදිකිරීම ශ්‍රීලංකා රජය ප්‍රතික්ෂේප කළ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
එසේම එම ව්‍යාපෘතිය යටතේම යෝජනා වූ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා වන අධිවේගී මාර්ගය ඉදිකිරීමට ද තම රජය විරුද්ධ බැවින් එය ද ප්‍රතික්ෂේප කළ බව අමාත්‍යවරයා අවධාරණය කරනවා.
විද්‍යුත් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එකතු වෙමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මේ බව සඳහන් කළා.
පෙර රජයන් මේ සඳහා එකඟතාව පළකර තිබූ නමුත් දෙරට අතර පාලමක් ඉදිකිරීම සහ මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් ඉදිකිරීම රට වෙන්වීමේ තත්ත්වයක් ඇති වීමේ අවධානමක් මතුවෙතැයි ද අමාත්‍යවරයා සැකසංකා පළකරන්නවා.
කෙසේ වෙතත් ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයට රජය එකඟ බැවින් ඊට එඟතාව පළකල බවද ඔහු සඳහන් කරයි.
එසේම දෙරට අතර ආර්ථික දේශපාලන තත්ත්වයන් සමාන වූවා නම් ගැටළුවක් නොමැති බවත් මැලේසියාව සහ සිංගප්පූරුව අතර පාලමක් ඉදිකරන විට දෙරට අතර ආර්ථික තත්ත්වය සමාන බව ද ඇමති විජිත හේරත් එහි දී වැඩි දුරටත් පැවසීය.
