දඩය ලක්ෂ 50යි...වැඩි මිලට ජල බෝතල් විකුණන්නේ බලාගෙනයි....
උපරිම සිල්ලර මිල ඉක්මවා දේශීය පානීය ජල බෝතල් විකුණන වෙළෙඳුන්ට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 50 දක්වා දඩ මුදල් අය කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
ඒ අනුව මි.ලී. 500 පානීය ජල බෝතලයක් රු. 70/-කට, ලීටරයක බෝතලයක් රු. 100/-කට, ලීටර් 1.5 බෝතලයක් රු. 130/-කට, ලීටර් 2 බෝතලයක් රු. 160/-කට සහ ලීටර් 5 බෝතලයක් රුපියල් 350/-කට වැඩි මිලට විකිණීම නොකළ යුතුය.
මේ නව මිල ගණන් යටතේ ගැසට් පත්රය නිකුත් කිරීමට පෙර නිෂ්පාදනය කරනු ලැබූ පානීය ජල බෝතල්වල කුමන මිලක් සටහන්ව තිබුණද එම පානීය ජල බෝතල් ඉහත සඳහන් උපරිම සිල්ලර මිලට අලෙවි කිරීම අනිවාර්ය වනවා.
උපරිම සිල්ලර මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කරනු ලබන සමාගමක් පළමු වරට කරනු ලබන වරදකදී රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50 අතර දඩ මුදලක්ද සමාගමක් නොවන ව්යාපාරික ආයතනයක් පළමු වරට ඒ වරද කළ හොත් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 5 දක්වා දඩ මුදලක්ද අධිකරණ මඟින් නියම කරනු ඇත.
දෙවැනි වරට හෝ ඉන් පසුව කරනු ලබන වරදකදී ඉහත සඳහන් දඩ සීමා තවත් වැඩි වන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
