පොහොර සහනාධාරය ප්‍රමාද වුනේ ආණ්ඩුව නිසා නෙමෙයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිසා - අනුර කියන කතාව
Anura Kumara Dissanayaka
Local government Election
National People's Power - NPP
Sinhala news
By Shehan
මෙවර කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීමේ ප්‍රමාදයට හේතුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලිපි ලේඛන සකස් කිරීමේ අසමත්කම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ අද (26) අනුරාධපුරයේ පැවති ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජන හමුවකදීය.
මෙවැනි ගැටලු වළක්වා ගැනීමට ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍ය බවත්, යල කන්නය සඳහා පොහොර සහනාධාරයට අවශ්‍ය මුදල් සම්පූර්ණයෙන් වෙන් කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෙරට කෘමි නාෂක සහ වල් නාෂක මාෆියාවක් ක්‍රියාත්මක වන අතර, ඒ ආශ්‍රිත සමාගම් අධික ලාභ ලබන බව ජනාධිපතිවරයා හෙළි කළේය.
එම තත්ත්වය පාලනය කිරීමට සිපෙට්කෝ ආයතනය තරගකාරී ලෙස එම වෙළෙඳපොළට පිවිසෙන බවත්, දැනටමත් කෘමි නාෂක සහ වල් නාෂක කිහිපයක් සඳහා සිපෙට්කෝ මැදිහත්වී සිටින බවත් ඔහු පැවසීය.
