ගෝඩා අල්ලන්න ගිය සැරයන්ට තාත්තයි පුතයි එකතු වෙලා කරපු දේ..

By Piyumika Jun 23, 2024 06:01 AM GMT
Report

පොල්පිතිගම කළුගල්ල ප්‍රදේශයේ ඉඩමක ගෝඩා අලෙවි කරන බවට ලද තොරතුරට අනුව ඒ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් සැරයන් වරයෙකුට පොල්ලකින් පහර දුන් බව කියන කාන්තාවක සහ එකම පවුලේ තාත්තා සහ පුතා අත්අඩංගුවට ගත් බව පොල්පිතිගම පොලිසිය වාර්තා කර තිබේ

අනියම් පෙම් සුව විදින්නට ගියාට මස්සිනාගෙන් පිහි පාරක්..

අනියම් පෙම් සුව විදින්නට ගියාට මස්සිනාගෙන් පිහි පාරක්..

.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 35 , 62 සහ 44 වයස්වල පසුවන වඳුරැස්ස පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

පොල්පිතිගම පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරුන් තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරියේ යෙදී සිටියදී කළුගල්ල පාලමාසල පිහිටි ඉඩමක ගෝඩා අලෙවි කරන බවට ලද තොරතුරකට අනුව එම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සිටි සැකකරුවකු දිවයාමට උත්සාහ කර ඇති බව පොලිසිය පැවසීය .

රජ පවුල් දෙකක හමුවක්..

රජ පවුල් දෙකක හමුවක්..

එම අවස්ථාවේදී එම පුද්ගලයා අල්ලා එම ඉඩම පරීක්ෂා කිරීමේදී ගංජා පැළ වගාකර ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් කලාකාරී ලෙස හැසිරී ඇති බවයි පොලිසිය පැවසුවේ .