බාල පුත්‍රයා ඝාතනය කළ පියා සහ වැඩිමහල් පුත්‍රයා.
Police spokesman
Anuradhapura
Sri Lanka
Death
By Hashini
මැදවච්චිය, දිවුල්වැව ප්‍රදේශයෙන් පියා සහ වැඩිමල් පුතු එක්ව බාල පුත්‍රයාට පොල්ලකින් පහර දී ඝාතනය කළ සිදුවීමක් වාර්තා වෙනවා.
පොලිසිය පවසන්නේ, මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ 25 හැවිරිදි ධිවර රැකියාවේ යෙදෙන තරුණයෙක් බවයි.
පිය සහ පුතුන් දෙදෙනා එකම නිවාසයක වාසය කරන අතර, වචන හුවමාරුවක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බව විමර්ශන වලින් හෙළිවී තිබෙනවා.
මැදවච්චිය පොලිසිය විසින් පහරදීම සිදුකළ කාර්මික රැකියාවේ යෙදෙන 56 හැවිරිදි පියා සහ 27 හැවිරිදි වැඩිමහල් පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අද (15) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
