"මට කියනවා අහවලාගේ අහවල් එක අයින් කරලා පෙන්නන්නලු මුන්ට කුණුහරුපෙන් බනින්න ඕනේ" ඇමති ලාල් කාන්ත
Sri Lanka Politician
Latest Headlines
K.D. Lalkantha
Sinhala news
NPP Government
By Ashfa
වැව් රක්ෂිත සලකුණු කරන බව ප්‍රකාශ කළ විට අහවලාගේ අහවල් එක අයින් කරලා පෙන්නපල්ලා යැයි අභියෝග කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
“උඹලට පෙන්නන්න නෙමෙයි යකෝ අපි වැඩ කරන්නේ. අපි වැඩ කරන්නේ ජාතික වගකීමක් විදිහට. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕන කියලා හැමෝම කියනවා. කරන්න හදන කොට අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියනවා.
මහ පිස්සු පොරවල් ටිකක් ඉන්නේ මෙතන. ජනතාව ජන වරමක් දුන්නේ මේක හදන්න කියලා. හදන්න යන කොට අපට අත තියන්න එපා කියනවා. අපට වැවේ ඉන්න දෙන්න. අපට ගඟේ ඉන්න දෙන්න කියනවා. පේමන්ට් එකේ කඩ දා ගෙන ඉන්නවා ජනතාව පාරේ යන්න ඕන.
මෙහෙම කතා කරල වැඩක් නෑ. එළියේ රැස්වීම් තියලා කුණු හරුපෙන් බනින්න ඕන. බැනලා වැඩකුත් නෑ උන් ඒකෙනුත් ආතල් එකක් ගන්නවා.”
උත්සව අවස්ථාවක් අමතමින් ඇමති ලාල් කාන්ත මේ බව කීය.
