තවත් ජනප්‍රිය තරුවක් මිය යයි

Olympic Academy Death Funeral Sports Sinhala news
By Mithu Jul 31, 2025 10:33 AM GMT
Mithu

Mithu

Report

තවත් ජනප්‍රිය තරුවක් සිය ජීවිතයට සමු දී ඇත. ජර්මානු ඔලිම්පික් ශූරියක වන ලෝරා ඩොල්මයර් පාකිස්තානයේ කඳු නැගීමක් අතරතුර සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇය තවත් කඳු නැගීමේ සහකාරියක සමග පසුගිය සඳුදා (28) ගිල්ගිට්-බෝල්ටිස්තාන් කලාපයේ කඳු නැගීමේ නිතරව සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව සිටියේය.

හාරන්න හාරන්න මතුවෙන මිනිස් සිරුරු, චෙම්මනියෙන් හමු වූ අස්ථි ගණන ඉහළට

හාරන්න හාරන්න මතුවෙන මිනිස් සිරුරු, චෙම්මනියෙන් හමු වූ අස්ථි ගණන ඉහළට

අනතුරට ලක්වන විට ඇය ලායිලා කඳු මුදුණේ සිට ඇති අතර, එහිදී මීටර් 5,700ක් පමණ උසකින් වූ ප්‍රදේශයකින් පහළට ඇදවැටී තිබේ. කෙසේ වෙතත් එදින පැවති අයහපත් කාලගුණය හා දුර්වල ආලෝක තත්ත්වය හේතුවෙන් පසුදින උදෑසන තෙක්ම ගලවාගැනීමේ හෙලිකොප්ටරයකට ඇය වෙත ළඟාවීමට නොහැකි විය.

ඒ හේතුවෙන් එදිනට මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ අතර, ඊයේ (30) උදෑසන නැවතවරක් මෙහෙයුම් ආරම්භ කළේය. එහිදී ඩොල්මයර්ව හමුව ඇති අතර, ගලවාගැනීමේ කණ්ඩායම් විශ්වාස කරන්නේ අනතුර සිදු වූ සඳුදා දිනයේම ඇය මියයන්නට ඇති බවය.

අදත් රන් මිල උඩට - වාණිජ වෙළඳපොළ උණුසුමෙන් ඉහළ යයි

අදත් රන් මිල උඩට - වාණිජ වෙළඳපොළ උණුසුමෙන් ඉහළ යයි

මෙම ගලවාගැනීමේ මෙහෙයුමට ජර්මනියේ සහ එක්සත් ජනපදයේ විශේෂඥ කඳු නගින්නන් ද එක්ව තිබේ. biathlon ක්‍රීඩාවේ අතිවිශිෂ්ට ක්‍රීඩිකාවක වන 31 හැවිරිදි ලෝරා ඩොල්මයර්, ඔලිම්පික් උළෙල 2කට, ලෝක ශූරතාවලි 5කට හා ලෝක කුසලාන 7කට ජර්මනිය නියෝජනය කරමින් සහභාගි වී ඇත.

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ටෙලිග්‍රෑම් එකවුන්ට් එකක් තියෙනවද? එහෙනම් පරිස්සමට

ReeCha