අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
By Hashini
දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.
එම නිවේදනයේ සඳහන් වන්නේ අද (31) පෙරවරුවේ මෙම තත්ත්වය හටගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රිය පැමිණීම ප්‍රමාද විය හැකි බවයි.